මාංශ අනුභවයට විශේෂිත වූ විනය ශික්ෂාපද බුදුරජානන් වහන්සේ විසින් සඞඝයාට පනවා ඇත. එනමුත් පූර්ණ ලෙසින් නිර්මාංශ ආහාරයෙන්ම යැපිය යුතු බව බුදුරජානන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇත. මාංශ අනුභවය පංච ශික්ෂාපද සමාදන්ව රැකීමට විපතක් වන බව බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර නොමැත. ත්‍රිපිටකයේ නොයෙක් තැන් වල බුදුරජානන් වහන්සේ සහ ශ්රාවකයින් විසින් මාංශ ආහාර අනුභව කළ බවටත් විස්තර පවතී. එසේ පැවතියදී ධර්මයට හා විනයට අනුකූල නොවන ලෙස මස් මාංස අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මෙසේ පවසයි:
කාම මිත්‍යාචාරයේ හැසිරීම කාමයෙහි මිසහසර ඇති බව ලෙසද, කාමේසුමිච්ඡාචාරා ලෙසද හඳුන්වයි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දසක නිපාතයේ කරජකාය වර්ගයේ ඇති පඨමනිරය සූත්‍රයේ කාම මිත්‍යාචාරයේ හැසිරීම යනු කුමක්දැයි මෙසේ සඳහන්ව ඇත:
3. කාමයෙහි මිසහසර ඇත්තේ වෙයි. මාතෘරක්ෂිතා ය, පිතෘරක්ෂිතාය, මාතෘපිතෘරක්ෂිතාය, භ්රාතෘරක්ෂිතාය, භගිනිරක්ෂිතාය, ඥාතිරක්ෂිතාය, ගොත්රරක්ෂිතාය, ධර්මරක්ෂිතාය, සස්වාමිකාය, සපරිදණ්ඩාය යටත් පිරිසෙයින් මල්ගුලායෙන් පරික්ෂිප්ත වුවා දැයි යම් ඒ මාගම්හු වෙත් නම් එබන්දන් කෙරෙහි හැසිරෙන බවට පැමිණියේ වෙයි.
ඉහත "මාගමහු" ලෙස සඳහන් වන්නේ "ස්ත්‍රීන්" ගැනයි. මාගම යනු ස්ත්‍රීය යන වදනට සමාන වදනකි.
පඨමනිරය සූත්‍රයේ පමණක් නොව කාම මිත්‍යාචාරයේ හැසිරීම යනු කුමක්දැයි පඨමනිරය සූත්‍රයේ ඇති අර්ථයෙන්ම ත්‍රිපිටකයේ අන් බොහෝ තැන් වලත් විස්තර ඇත.
ධර්මයට සහ විනයට අනුකූල නොවන කරුණක් වන මාංශ අනුභවයෙන් පංච ශික්ෂාපද සියල්ලම කැඩෙන බවට හේතු ඉදිරිපත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ඉහත දක්වන ලද දේශනාවේදී මෙසේ පවසයි:
සතෙක් මරලා මස් කන්න යනකොට කය දිව රමණය කරන්න ඕනෑ. තමන්ගේ ශරීරය මේ යම් ආකාරයකට දිව අර රස කියන රස තෘෂ්ණාවකින් රස පෙරේතකමකින් ඒක කාමය අර මිත්යාචාරයක්, හැසිරීමක්. ඒ දිව රමණය කිරීමත් කය රමණය කිරීමත් මේකේදි සිද්ධ වෙනවා. අනුන්ගේ මස් කාලා මස් රසට ගිජුවෙලා කටයුතු කිරීමත් කාමේසුමිච්ඡාචාරයට අයිතියි.
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය බෙහෙවින්ම ප්‍රතික්ෂේප කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ධර්මයට සහ විනයට අනුකූල නොවන කරුණක් වන මාංශ අනුභවයෙන් පංච ශික්ෂාපද සියල්ලම කැඩෙන බව අසන්නන්ට විස්තර කරන්න යෑමේදී කාම මිත්‍යාචාරයේ හැසිරීමද වරදවා අර්ථ ගන්වන්නේ දිව රමණය කිරීමත්, කය රමණය කිරීමත් ලෙසයි. එලෙස අර්ථ ගැන්වූ විට මාංශ අනුභවය පමණක් නොව දිව රමණය වන අන් සියළු ආහාර අනුභවයද කාම මිත්‍යාචාරයේ හැසිරීම ලෙස වැරදි ලෙස අර්ථ ගැන්වේ. එවිට ටොපි කෑම, චොකලට් කෑම, පළතුරු කෑම, බත් කෑම ආදී දිව රමණය වන කවර ආහාරයක් අනුභව කළත් එපමණකින් එය කාම මිත්‍යාචාරයේ හැසිරීමක් වන්නේ යැයි විහිළුවට හේතු වන අර්ථයක් ඇති කරයි. බීමත් එලෙසම වේ. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ විපරීත අර්ථ දැක්වීමට අනුව ළදරුවෙක් තම මවගෙන් කිරි බීවත් එපමණකින්ම ළදරුවා කාම මිත්‍යාචාරයේ හැසිරී ඇත යන අධර්ම අර්ථය ඇතිවේ. එයට රුකුල් දීම නිසා ළදරුවාට කිරි දුන් පමණින් මවද කාම මිත්‍යාචාරයේ හැසිරීමක් කර ඇති බවට අධර්ම අර්ථයක් ඇතිවේ. වැරදි අර්ථයට අනුව සඞඝයාට ප්‍රණීත ආහාර දානයක් දුන්නොත් දානය දෙන අයත්, කය සකස් වී ඇති ආකාරයට අනුව ප්‍රණීත ආහාරය වළඳන සඞඝයාගේ දිවට මිහිරි බව දැනී දිව රමණය වන බැවින් එම සඞඝයාද කාම මිත්‍යාචාරයේ හැසිරෙන බවට අර්ථ ගැන්වේ. මෙලෙස මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ දේශනාව නොමනා අර්ථ ඇති කිරීමට හේතු වෙයි.
ඉහත දක්වන ලද දේශනාවේදී මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මෙලෙසද පවසයි:
දැන් මේ ඇඟිලි පහක් තියෙනවානේ. ඇඟිලි පහෙන් එකක් හරි වැරදුනොත් බැහැ. ඒ නිසා පහම උපකාර කරගන්න ඕනෑ අපිට යමක් අල්ලන්න. ඒ වගේ තමා මේ සිල් පද පහක්ම දුන්නේ මොකද? ඔය පහම එකක් කැඩෙන නිසා කැඩෙනවා. නැත්නම් එකක් කැඩුනොත් පහම වැටෙනවා. ඉතින් ඒක නිසා හොදට තේරුම් ගන්න ඕනෑ ඔය සිල් පද ඒකක් හරි කැඩෙනවා නම් කොයික හරි සිල් පද පහම වැටෙනවා. හරියට සංවරත්වයේ ඉන්නවා නම් ඉන්ද්‍රීය සංවරත්වයේ ඉන්නවා නම් සිල් පද පහම වැටෙනවා.
හැම දේම නොවුනත් අතේ එක් ඇඟිල්ලක උපකාරයෙන් යම් යම් දේ ග්‍රහණය කර ගත හැකි බව බොහෝ අය ප්රත්යක්ෂවම දන්නා කරුණකි. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි එයද වරදවා පවසයි. පංච ශික්ෂාපදවලින් එකක් කැඩුණු පමණින් අන් හතර නොකැඩෙන බව බුද්ධ ධර්මය සුළු ප්‍රමානයක් දන්නා සාමාන්‍ය පමණින් නුවනින් විමසීමේ හැකියාව ඇති අයටත් විමසා බලා තීරණය කළ හැකි සරළ කරුණකි. එසේ උවත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් "පහම එකක් කැඩෙන නිසා කැඩෙනවා" යැයි පැවසීම මුසාවාදයකි. පළමුව දැක්වූ කාම මිත්‍යාචාරයේ හැසීරීම සහ "පහම එකක් කැඩෙන නිසා කැඩෙනවා" යැයි වැරදි ලෙස දහම් අර්ථ ගැන්වුවොත් ටොපි කෑම, චොකලට් කෑම, පළතුරු කෑම, බත් කෑම ආදී දිව රමණය වන කවර ආහාරයක් අනුභව කළත් එපමණකින් එය ප්‍රාණඝාතය, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ හැසිරීම, බොරු කීම, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙරින් නොවැළකීම ලෙස පංච ශික්ෂාපදයන් සියල්ලේම වරදවා හැසිරීමක් බවට වැරදි ලෙස අර්ථ ගැන්වේ. බීමත් එලෙසම වේ.
එලෙසම මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ වැරදි අර්ථ දැක්වීම්වලට අනුව ළදරුවෙක් තම මවගෙන් කිරි බී පමණින් එය එම ළදරුවා විසින් ප්‍රාණඝාතය, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ හැසිරීම, බොරු කීම, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙරින් නොවැළකීම ලෙස සියළු පංච ශික්ෂාපදයන්හි වරදවා හැසිරීමක් බවට වැරදි ලෙස අර්ථ ගැන්වේ.
එලෙසම මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ වැරදි අර්ථ දැක්වීම් වලට අනුව තමාගේම කිරි ළදරුවෙකුට පෙව්වත් එය මව විසින් ප්‍රාණඝාතය, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ හැසිරීම, බොරු කීම, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙරින් නොවැළකීම ලෙස සියළු පංච ශික්ෂාපදයන්හි වරදවා හැසිරීමක් බවට වැරදි ලෙස අර්ථ ගැන්වේ.
එලෙසම මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ වැරදි අර්ථ දැක්වීම් වලට අනුව සඞඝයාට ප්‍රණීත ආහාර දානයක් දුන්නත් එය එම දානය දෙන අයත්, දානය වළඳන සඞඝයාත් යන දෙපිරිසම විසින් ප්‍රාණඝාතය, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ හැසිරීම, බොරු කීම, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙරින් නොවැළකීම ලෙස සියළු පංච ශික්ෂාපදයන්හි වරදවා හැසිරීමක් බවට වැරදි ලෙස අර්ථ ගැන්වේ.
මෙවන් වැරදි අර්ථ දීම හේතුවෙන් එම වැරදි අර්ථ පිළිගන්නා අයට දහම් නිවැරදිව වටහා ගැනීම බාධා ඇති කෙරෙන අතර බුදු සසුනේ චිරස්තිථියටද බාධා ඇති කරයි.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ බාලවග්ගයේ සඳහන් ගාථාවකි:
පාලියෙන්:
යො බාලො මඤ්ඤති බාල්යං පණ්ඩිතො වා‘පි තෙන සො
බාලො ච පණ්ඩිතමානී ස වෙ බාලො‘ති වුච්චති.
සිංහල පරිවර්තනය:
යමෙක් නුවණ නැත්තේ තමාගේ අනුවණබව දනී ද, ඒ කාරණයෙන් හෙ තෙම පණ්ඩිත හෝ වන්නේ ය. (පණ්ඩිත සමාන හෝ වන්නේ ය). යම් අනුවණයෙක් තෙමේ පණ්ඩිතමානී වේ ද (තමා පණ්ඩිතයෙකු කොට සිතා ද), ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් අනුවණයෙකැ යි කියනු ලැබේ.