ත්‍රිපිටකයේ යෙදී ඇති අනිච්ච යන පාළි වචනය අනිත්‍ය ලෙස මනාව සිංහලට පරිවර්තනය කර තිබියදී එම පරිවර්තනය දොස් සහිත යැයි යම් යම් අය මෑත කාලයේදී පවසන අයුරු අසන්නට, දකින්නට ලැබෙනවා. අර්ථ වරදවා ගත් සමහරු පරිවර්තනය දොස් සහිත බව කීමට අමතරව අනිච්ච යන පාළි වචනය ත්‍රිපිටකයේ පාළියෙන් තිබිය යුත්තේ ද අනිච්ඡ ලෙසින් යැයි පවසනවා. අනිච්ච සහ අනිච්ඡ යන වචන පටලවා ගැනීම ගැන මහාවිහාර වෙබ් අඩවියේ පළව ඇති පහත සඳහන් සබැඳියෙන් දැක්වෙන ලිපිය බෙහෙවින්ම විස්තර සහිතයි. බුදු දහම පිළිබඳ උනන්දුවන අය එය කියවා බලත්වා!
මහාවිහාර ලිපිය: "අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්"
ලිපියෙහි සඳහන් යම් කරුණක් ගැන:
මහාවිහාර ලිපියෙහි "චත්තාළීසාකාර මහා විපස්සනාව තුලට අනිච්ච – අනිච්ඡ බහාලීම" යන අනුමාතෘකා ඇතිව ලියා ඇති කොටසේ "පටිසම්භිදාමාර්ගයෙහි අනිච්චානුපස්සනාව සඳහා පද නවයක් දක්වා ඇත. (පටිසම්භිදාමග්ග II – පි 236- 237) අර්ථකථාවන්හි පරියාය වශයෙන් දැක්වූ “අසාරක” පදය සමඟ පද දසයකි." ලෙසින් සඳහන්ව තිබෙනවා. ඒ පිළිබඳ මගේ අදහස 'බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පටිසම්භිදාමග්ගප්පකරණයේ විපස්සනා කථාවේ සඳහන් "අසාරකතොති අනත්තානුපස්සනා" යන්න "අසාරකතොති අනිච්චානුපස්සනා" ලෙස සැලකිය යුත්තේ ඇයි?' යන ලිපියෙහි සඳහන් කොට තිබෙනවා.