නත්තල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් යේසුස් වහන්සේගේ මඟ පෙන්වීම පිළිබඳ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ පවසා තිබෙනවා:
එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැප වී සිටින්නෙමු.
රජයේ මේ ආකාරයේ කැපවීමක් ගැන ඇහුවමයි!
මෙහෙම කැපවීමක් පිළිබඳ ජනාධිපතිවරණයට පෙර හෝ මහමැතිවරණයට පෙර තේරී පත්වූ නව රජයේ පිරිස ප්‍රකාශ කළා ද? මම නම් එහෙම දෙයක් ගැන දැනුවත් වී නැහැ. තව ද මේ කියන කාරණය මහජන අභිලාෂය ද යන්න ගැටලු සහගතයි.
බැලූ බැල්මට මට පේන්නේ මේ ප්‍රකාශය මහජනතාවගෙන් පිරිසකගේ හොඳ හිත දිනා ගැනීමට කළ ප්‍රෝඩාකාරි ප්‍රකාශයක් ලෙසයි. හැබැයි මේ ප්‍රකාශ කර ඇත්තේ සත්‍යයක් නම් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ නව රජයේ පිරිසට මට කියන්න වෙන්නේ නරි රැළක් කියලා.
මේ පිරිසගේ මොළය පෑදේවා!
සබැඳිය: