ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ මූලපණ්ණාසකයේ සිහනාදවග්ගයේ චෙතොඛිල සූත්‍රයෙන් උපුටා ගැනීමක්:
2. මහණෙනි, යම් කිසි මහණක්හුගේ සිත්කසළහු පස්දෙන නො පහ වූහු ද, සිත පිළිබඳ බැඳුම්හු පස්දෙන නො සිඳුණාහු ද, හෙ එකාන්තයෙන් මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
...
...
...
8. ඔහුගේ සිත පිළිබඳ නො සිඳුණු බැඳුම් පස්දෙනා කවරහු වෙද්ද?
...
...
...
12. තවද මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, එක්තරා දෙවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දෙවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරා නම් ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
සබැඳිය: