දුර්වලතා ඔක්කොම නැති කළ යුතු ද, නැද්ද?

Submitted by Kamal Wickramanayake on

අද දින මම රන්දික විජේසිංහ මහතාගේ යූටියුබ් නාලිකාවේ පළව තිබූ "දුර්වලතා ඔක්කොම නැති කළොත් මොකද වෙන්නේ?" යන මාතෘකාව ඇති වීඩියෝව නැරඹුවා. සැකෙවින් ගත් විට එතුමා එහි සඳහන් කරනුයේ පුද්ගලයෙකු සිය දුර්වලතා සියල්ල නැති කිරීම යන ඉලක්කය එතරම්ම සුදුසු ඉලක්කයක් නොවන බවයි. මම එතුමාගේ අදහස් පිළිබඳ සිතා බලා පහත උපුටා දැක්වෙන ප්‍රතිචාරය එම වීඩියෝවට දැමුවා:

ඔබේ කතාවේ යම් ඇත්තක් තිබෙනවා. ඒකාකාරී ජීවිතය මිනිසුන්ට නීරසයි. වෙනස්වීම තුළ ඔවුන් ආස්වාදජනක දෑ දකිනවා. හැබැයි ඔබ මේ ප්‍රශ්නය ගැන පූර්ණව හිතා බලා නැති බවයි මට හිතෙන්නේ. දුර්වලතා ඔක්කොම නැති වීම සුවිශේෂී අවස්ථාවක්. ඒක අජරාමර තත්වයක්. එය නිශ්චිතව හඳුනාගැනීම සහ එහි ඇති වටිනාකම තක්සේරු කර ගැනීම බොහෝ දෙනෙකුට අපහසු කාර්යයක්. හැබැයි එය ළඟා කර ගැනීම අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සේම වෙන මොක නැතත් එය සාක්ෂාත් කර ගැනීම වටිනවා. ඒ නිසා ඇත්තටම අන් අයට කිව යුත්තේ දුර්වලතා ඔක්කොම නැති කරගන්න කියලාමයි. ඊට මිනිසුන්ව උනන්දු කළ යුතුයි. ඒ උත්සාහය තුළ අවසන් ජයග්‍රහණයට කලින් මිනිසුන් ලබන ජයග්‍රහණත් සුළු පටු නැහැ. හොඳින් හිතා බලන්න.